යුධගැටුම් මධ්‍යයේ ඉන්දියාව ලෝකය ඇල්ලීමේ සැලසුම...

Indian Gagana world news Wheat exporter
By Subodha Mar 17, 2022 05:13 AM GMT
Report

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම මධ්‍යයේ ඉන්දියාව ලොව ප්‍රමුඛතම තිරිඟු අපනයනකරු බවට පත්වීමට සැලසුම් කරමින් සිටින බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ ඉහළ සැපයුම්කරුවන් වන රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් සැපයුම් අවම වීම නිසා.

මේ සඳහා විකල්ප සොයන ගැනුම්කරුවන්ගේ ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් මධ්‍යයේ ඉන්දියාව ඉන් ප්‍රයෝජන ගැනීමට සූදානමින් සිටින බවයි මාධ්‍ය වාර්තා කරන්නේ

අපනයන වර්ධනය සහතික කිරීම සඳහා ඉදිරි සති දෙක තුළ නවදිල්ලිය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට නියමිත බවයි වාර්තා කරන්නේ.

ඒ අනුව අපනයනය සඳහා තිරිඟුවල ගුණාත්මකභාවය වහා පරීක්ෂා කිරීමට රජයේ සහතික ලත් රසායනාගාරවලට නියෝග කිරීම, තිරිඟු අපනයනයට වරාය බලධාරීන් ප්‍රමුඛත්වය දීමට සැලැස්වීම සහ ධාන්‍ය ප්‍රවාහනය සඳහා අමතර දුම්රිය පහසුකම් ලබාදීම ඊට ඇතුළත්ය.

මාර්තු 31 වැනිදායින් අවසන් වන වත්මන් මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාව තිරිඟු ටොන් මිලියන 7ක් අපනයනය කිරීමට ගිවිසුම් අත්සන් කර ඇත.

කෙසේ වෙතත් මෙම වර්තමාන අපනයන අගය ඉන්දියාව තවමත් අංක එකට පත්ව නොමැත.

කෙසේ වෙතත්, රුසියාව දැනට ලොව විශාලතම තිරිඟු අපනයනකරුවා වුවත්, යුක්රේනය ආශ්‍රිත සම්බාධක හේතුවෙන් පසුගිය මාසයේ රුසියාවෙන් ධාන්‍ය නැව්ගත කිරීම් අඩකට වඩා අඩුවූ බැවින්, මෙය ඉන්දියාවට වාසිදායක තත්ත්වයක් වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now