අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට (22) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව, හෙට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා මෙම ජල කප්පාදුව ක්රියාත්මක වේ.
අනුරාධපුර තුරුවිල ජල පිරිපහදු මධ්යස්ථානයේ අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි. පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක ජල සේවාවක් ලබාදීම එහි අරමුණයි.
ජල සැපයුම සම්පූර්ණයෙන් අත්හිටුවන ප්රදේශ
විජේපුර ජල සම්පාදන ක්රමය: විජේපුර, පාලඩිකුලම, නෙළුම්කුලම සහ කවරක්කුලම. නාච්චාදුව ජල සම්පාදන ක්රමය: නාච්චාදුව, හිදෝගම, තුරුවිල සහ නෙල්ලිකුලම. තලාව ජල සම්පාදන ක්රමය: තලාව, ශ්රාවස්තිපුර සහ දෙකේ කණුව.
අඩු ජල පීඩනයක් අපේක්ෂිත ප්රදේශ
අනුරාධපුර නගර අදියර II, අනුරාධපුර නගර අදියර III
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, අවශ්ය ජලය කල්තියා රැස්කරගෙන එය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.