මෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයේදීත් 8.1%ක මට්ටමේ

Sri Lanka Inflation Economy of Sri Lanka Latest Headlines Inflation Sinhala news
By R.rishma Oct 21, 2026 10:20 AM GMT
Report

2026 අගෝස්තු මාසයේදී 8.1%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය, සැප්තැම්බර් මාසයේදී ද නොවෙනස්ව 8.1%ක මට්ටමේ පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2026 සැප්තැම්බර් මාසයට අදාළ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ පාරිභෝගික උද්ධමන අනුපාත අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

නවතම දත්තවලට අනුව, ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල උද්ධමන අනුපාත වෙනස්වීම් දෙකක් පෙන්නුම් කරයි.

ඒ අනුව, 2026 අගෝස්තු මාසයේදී 6.6%ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 6.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, අගෝස්තු මාසයේදී 9.3%ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 9.1%ක් දක්වා පහළ ගොස් ඇත.

සමස්ත උද්ධමන අනුපාතය නොවෙනස්ව පැවතිය ද, ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවන වියදම් කෙරෙහි බලපෑමක් එල්ල විය හැකි බව මෙම දත්ත මගින් පෙන්නුම් කරයි.