නොරොච්චෝලේ බලාගාරය හෙට සිට යළි පද්ධතියට
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට (22) සිට යළි ආරම්භ කිරීමට හැකියාව පවතින බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) පවසයි.
පසුගිය සෙනසුරාදා ප්රධාන විදුලි පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධි වූ අතර, එහි බලපෑමෙන් නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්රයක් ද අක්රිය විය.
එම අවස්ථාවේදී නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්රයේ විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 187 සිට ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5 දක්වා පහළ ගිය බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම සඳහන් කරයි.
මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්ර තුනම අක්රියව පවතින අතර, ඉන් ජාතික විදුලි පද්ධතියට අහිමි වී ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 250කි. එම ජනන යන්ත්ර තුනෙන් දෙකක් නඩත්තු කටයුතු හේතුවෙන් මීට පෙර සිටම අක්රිය කර තිබුණි.
බලාගාරයේ විදුලි උත්පාදනය අඩාල වීම හේතුවෙන් ඊයේ (20) සහ පෙරේදා (19) දිවයින පුරා විදුලි කප්පාදුවක් ක්රියාත්මක කෙරුණු අතර, එම කප්පාදුව අද (21) දිනයේදී ද ඒ ආකාරයෙන්ම ක්රියාත්මක වේ.
කෙසේ වෙතත්, හෙට (22) සිට නොරොච්චෝලේ බලාගාරය යළි ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, හෙට දිනයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්යතාවක් නොමැති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.