රුසියානු ආර්ථිකය සෙලවිමට ඇමරිකාවේ හා එංගලන්තයේ සූදානමක්...
European union
Gagana world news
Import of oil and gas from Russia
By Subodha
ඇමරිකාව, එංගලන්තය ඇතුළු බටහිර රටවල් රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඇමරිකාව සහ එංගලන්තය රුසියාවෙන් තෙල් ආනයනය අත්හිටුවීමට තීරණය කර ඇති අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ, රුසියානු ආර්ථිකට දැනෙන බලපෑමක් සිදු කිරීමේ අරමුණ ඇතිව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.
එමෙන්ම යුරෝපා සංගමයට අයත් රටවල් රුසියාවෙන් ගෑස් ආනයනය අත්හිටුවා තිබෙනවා.
මේ අතර රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් ඊයේ 13වන දිනටත් පැවතුණා.
එක්සත් ජාතීන්ගේ සංවිධාන ප්‍රකාශ කළේ, මේ දක්වා යුක්රේන වැසියන් මිලියන 02ක් සරණාගතයින් ලෙස වෙනත් රටවලට ගොස් ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |