ඥානසාර හිමියන්ගේ පෙත්සම් සඳහා නව විනිසුරු මඩුල්ලක්
Galagoda Aththe Gnanasara Thero
Law and Order
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
සිර දඬුවම් නියම වී සිටින පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය විසින් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කරනු ලැබීය.
ඒ අනුව, අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා විනිසුරුවරුන් වන අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල පත් කර තිබේ.
අදාළ පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත්වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දැනුම් දීමෙන් අනතුරුව මෙම නව විනිසුරු මඩුල්ල නම් කර ඇති බව වාර්තා වේ.