අස්වැසුම ප්‍රතිලාභ අද බැංකු ගිණුම්වලට

Latest Headlines Aswasuma Sinhala news NPP Government Puwath.lk
By R.rishma Oct 14, 2026 03:25 AM GMT
Report

ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ දීමනාව අද (14) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව, අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 985,283ක් සඳහා රුපියල් බිලියන 9.12ක මුදලක් බැර කිරීමට නියමිතය.

එමෙන්ම, දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 212,445ක් සඳහා රුපියල් බිලියන 2.04ක මුදලක් ද අද දිනයේදී බැංකු ගිණුම් වෙත බැර කෙරෙනු ඇත.

ඒ අනුව, අස්වැසුම පළමු සහ දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 1,197,728ක් සඳහා රුපියල් බිලියන 11.16ක මුදලක් ඔක්තෝබර් මාසයට අදාළව ලබාදීමට නියමිතය.