අනෝජන් සිවරාසා ගැන සෞදියෙන් විශේෂ තීරණයක් - මරණ දඬුවම අවලංගු කෙරේ
Saudi Arabia
Latest Headlines
Arun Hemachandra
Sinhala news
Breaking News
By R.rishma
අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 13 වැනිදා මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා ශ්රී ලංකා රජය අඛණ්ඩව සිදුකළ රාජ්යතාන්ත්රික සහ නීතිමය මැදිහත්වීම් හේතු වී ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
මෙම තීරණය සම්බන්ධයෙන් ශ්රී ලංකාවට සහාය දැක්වූ සෞදි අරාබි රජය වෙත සිය ස්තුතිය පළ කර තිබේ. එමෙන්ම, මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබාදුන් ශ්රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා හා සාමාජිකයන්ගේ කැපවීම ද අගය කර ඇත.
මීට අමතරව, මෙම ක්රියාවලිය සඳහා සහාය ලබාදුන් ශ්රී ලංකා සහ සෞදි අරාබි නීති කණ්ඩායම්වල දායකත්වය ද විශේෂයෙන් ඇගයීමට ලක් කර තිබේ.