ලෝක සිනමාවත් රුසියාවට බෑ කියයි...චිත්‍රපටත් තහනම් වෙලා...

Russian World News Gagana news Disney warner brother
By Subodha Mar 01, 2022 04:34 AM GMT
Subodha

Subodha

in ලෝකය
Report

ඩිස්නි, වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට චිත්‍රපට නිකුත් කිරීම නැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පෙබරවාරි 28 විදෙස් පුවත් සේවා වාර්තා කරන පරිදි ප්‍රධාන හොලිවුඩ් චිත්‍රාගාර දෙකක් වන ඩිස්නි සහ වෝනර් බ්‍රදර්ස් සමාගම් විසිනු යි මෙම තීරණය ගෙන ඇත්තේ.

යුක්රේනය ආක්‍රමණය කිරීම සහ දිග හැරෙමින් පවතින මානුෂීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, රුසියාව තුළ ඉදිරියට එන චිත්‍රපට සඳහා මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති.

වෝල්ට් ඩිස්නි සමාගම (DIS.N) ඊයේ (28) ප්‍රකාශ කළේ රුසියාවේ නාට්‍ය චිත්‍රපට නිකුත් කිරීම නවත්වන බවත්, එළඹෙන Pixar Animation Studios නිකුතුව වන "Turning Red" සමඟින් ආරම්භ කිරීමට සිය සමාගම තීරණය කර ඇති බවයි.

Warner Media ප්‍රකාශ කළේ මෙම සතියේ "The Batman" සිනමා පටය ද රුසියාවේ නිකුත් කිරීම නවත්වන බවයි.

"වත්මන් තත්ත්වය මොහොතින් මොහොත වෙනස් වන බැවින් ඒ සඳහා අදාළ ව්‍යාපාරික තීන්දු සහ තීරණ අදාළ අවස්ථාවන්හි දී ගැනීමට අප කටයුතු කරනවා" යනුවෙන් ඩිස්නි සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එමෙන්ම මේ වනවිට මෙම සමාගම යුක්‍රේන - රුසියානු යුද අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සරණාගත පිරිසට මානුෂීය ආධාර ලබාදීමට ද සෙසු සමාජ ක්‍රියාකාරී සංවිධාන හා එක්ව කටයුතු කරමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සති අන්තයේ, යුක්‍රේනියානු චිත්‍රපට ඇකඩමිය, ආක්‍රමණයෙන් පසු රුසියානු සිනමාව සහ රුසියානු චිත්‍රපට කර්මාන්තය ජාත්‍යන්තරව වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි අන්තර්ජාල පෙත්සමක් ද ඒ වෙනුවෙන් ඉදිරිපත් කෙරුණා.

රුසියානු සිනමා කර්මාන්තය හොලිවුඩ් ක්ෂේත්‍රය සඳහා සැලකිය යුතු ආදායම් වෙළඳපොළක් වන අතර, 2021 දී බොක්ස් ඔෆිස් හි ඩොලර් මිලියන 601 ක් උපයාගත් අතර, ලොව පුරා ප්‍රවේශපත්‍ර අලෙවියෙන් 2.8% ක් පමණ අගයක් ගනු ඇති.

එය පසුගිය වසරේ ඩොලර් බිලියන 21.4 ක් ද වනවා. ප්‍රධාන චිත්‍රපට කිහිපයක් ගෝලීය නිකුතුව සඳහා සැලසුම් කර තිබෙනවා.

ඒ අතර, "The Batman" ප්‍රමුඛ වන අතර, එය මාර්තු 3 වෙනිදා රුසියාවේ දී ලොව පුරා එළිදැක්වීමේ කොටසක් ලෙස විවෘත කිරීමට සැලසුම් කර තිබුණා.

පැරමවුන්ට් පික්චර්ස් හි "Sonic the Hedgehog 2" අප්‍රේල් 8 වන දින සිය ගෝලීය මංගල දර්ශනය සිදු කිරීමට නියමිතයි.

එහෙත් රුසියාවේ සිනමා කර්මාන්තයට ලද සම්බාධක හමුවේ මෙම සිනමා පට ප්‍රදර්ශනය නොවනු ඇති. Warner Media ප්‍රකාශ කළේ, යුද අර්බුදය විසඳා සාමකාමීත්වය අරමුණු කරගනිමින් මෙම තීරණයට එළඹි බවයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now