අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම ඉවත් කිරීමට දායක වූ සියලු දෙනාට ස්තුතියි - සජිත්

Sajith Premadasa Latest Headlines Sinhala news Colombo politics heat up Sivarasa Anojan
By R.rishma Oct 14, 2026 07:46 AM GMT
Report

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරු අනෝජන් සිවරාසා මහතාගේ දඬුවම අහෝසි කිරීමට දායක වූ සියලු දෙනාට සිය ගෞරවය සහ ස්තුතිය පිරිනමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනෝජන් සිවරාසා මහතාට සෞදි අරාබියේ අධිකරණයක් විසින් පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට එරට රජය ගත් තීරණය සම්බන්ධයෙන් තමන් මහත් සතුටට පත්වන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී අනෝජන් සිවරාසා මහතාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා කැපවූ ෆයිසර් මුස්තාෆා මහතා, උපුල් කුමරප්පෙරුම මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමට ද ඔහු සිය ස්තුතිය පළ කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපතිවරයා ඇතුළු මේ වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාගේ දායකත්වය ද අගය කළ විපක්ෂ නායකවරයා, අනෝජන් සිවරාසා මහතාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් තමන් ඇතුළු පිරිසට කළ හැකි උපරිම දායකත්වය ලබාදුන් බව ද ප්‍රකාශ කළේය.

අනෝජන් සිවරාසා මහතාගේ මරණ දඬුවම අවලංගු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ එරට රජුට ද සිය කෘතඥතාව පළ කරන බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.