බොරැල්ලේ දී පොලීසියට සිදුකළ දෙයක් නිසා තරුණියක් අත්අඩංගුවට ගනී...

By Sithumi May 08, 2022 11:18 AM GMT
Report

බොරැල්ල පොලිස් වසමේ මාර්ගයක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණිය ඇතුලු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුූව මහතා පවසයි. මෙම සිද්ධිය මාධ්වල මෙන්ම සමාජ ජාලා වල ප්‍රචාරය වු බවද හෙතෙම කීය.

මෙම පිරිස අතර තරුණියන් දෙදෙනකු හා තරුණයන් දෙදෙනකු වන බවත්, පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින තරුණිය වත්තල ප්‍රදේශයේ පදිංචි (26) හැවිරිදි තරුණියන් බවත්, ඇය මත්පැන් හා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින්නියක් බවට ආවරණය වු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now