කැලෑබද ප්‍රදේශයක තිබී නිරුවත් කාන්තා මළ සිරුරක් සොයා ගැනේ..

Aluthgama Puliyankulama Saliyavava Dehiovita Atalugama
By Sewvandhi Jan 18, 2022 03:16 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අලුත්ගම ඉහළ පුලියන්කුලම කැලෑබද ප්‍රදේශයක තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය පැවසුවේ සාලියවැව - අලුත්ගම ප්‍රදේශයේ කාන්තාවක් අතුරුදහන්ව ඇති බවට කරන ලද පැමිණිල්ලක් මත එම ප්‍රදේශයේ සිදුකළ සොදිසි කිරීමකදී ඇයගේ නිරුවත් මළසිරුර හමු වු බවය.

ඇය විසින් ගඩොල් කැපීම සිදුකරණ ස්ථානයට යාබද කැලෑවක තිබිදීයි ඊයේ (17) සවස ඇයගේ මළ සිරුර හමුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි අළුත්ගම ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

මළ සිරුර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තිබෙන බවත් මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (18) දින සිදුකිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.

සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර හැටන් - දරවලවත්ත ප්‍රදේශයේ සිංගිමලේ වැවේ බැම්ම අසල පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුව තිබේ.

මියගොස් ඇති තැනැත්තාගේ අනන්‍යතාවය මෙතෙක් සොයාගෙන නොමැති අතර ඔහු අවුරුදු 35ත් 40ත් අතර වයසක පසුවන පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

එමෙන්ම තවත් සැකකටයුතු මරණයක් දෙහිඕවිට පුංචි කන්ද ප්‍රදේශයෙන් වාර්තා විය. පුංචි කන්ද ප්‍රදේශයේ ගල් කටාරමක් තුළ තිබී එම මළ සිරුර හමු ව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි පුංචිකන්ද අටලුගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෙරේදා (16) සිට මෙම පුද්ගලයා අතුරුදන්ව සිටි බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now