බිරිඳ සැමියට ගිනි තබයි - මෙරටින් ඇසෙන බිහිසුණු පුවත..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 18, 2023 11:37 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මොරටුමුල්ල, සමරකෝන් ඉඩම ප්‍රදේශයෙන් බිරිඳ විසින් සිය සැමියාට ගිනිතැබීමේ පුවතක් වාර්තා වුණි. අද (18) අලුයම 3ට පමණ පවුල් ආරවුලක් හේතුවෙන්  බිරිඳ විසින් එලෙස සැමියාට ගිනි තබා ඇතැයි මොරටුමුල්ල පොලීසිය සඳහන් කළේය.

 පොලීස් විමර්ශන වලදී හෙළිවී ඇත්තේ, එම නිවසේ කාන්තාව වෙනත් පුද්ගලයකු සමඟ දීර්ඝ කලක සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර එම සබඳතාවය හේතුවෙන් අඹුසැමි යුවළ අතර විටින් විට ආරවුල් ඇති වූ බවය.

මෙම බිරිඳ විසින් ස්වාමිපුරුෂයා නිදා සිටි අවස්ථාවේදී සිරුරට ගිනි තබා ඇති අතර ගින්නෙන් එම පුද්ගලයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පිළිස්සී ගොස් තිබේ.පසුව ප්‍රතිකාර සඳහා ඔහුව කොළඹ‍ දකුණ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

නමුත් පොලීසි අදාළ කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ, ස්වාමි පුරුෂයා පොරොවෙන් පහරදී තමා මියගොස් ඇතැයි සිතා ඔහු විසින්ම සිරුරට ගිනි තබාගෙන ඇති බවය.