ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි වෙන්නේ නැහැ - මගීන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ඉහළ ගියද මේ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට අදාළ මිල සූත්‍රයේ නියමිත 4%ක සීමාවට මෙතෙක් ළඟා වී නොමැති බැවින් ගාස්තු ඉහළ දැමීමක් සිදුකළ නොහැකි බවයි.
කෙසේ වෙතත්, මේ වන විටත් බස් කර්මාන්තය පාඩු ලබමින් පවත්වාගෙන යන බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව කෙටි දුර සේවා පවත්වාගෙන යාමේදී දිනකට රුපියල් 1,000ක පමණ පාඩුවක් ද, දුර ගමන් සේවාවන්හිදී දිනකට රුපියල් 2,000ක පමණ පාඩුවක් ද සිදුවන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
"ඩීසල් රුපියල් 5කින් වැඩිවෙලා කියලා දැනගන්න ලැබුණා. දැනට රුපියල් 15කින් වැඩිවෙලා තියෙනවා ඩීසල් ලීටරයකින්. නමුත් බස් කර්මාන්තයට පාඩුවක් තමයි ඒක. අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන එදා ඉඳන්ම මිල සූත්‍රය අනුව 4%ක ප්‍රතිශතයකට ආවාම තමයි අපිට බස් ගාස්තුව වැඩි කරන්න වෙන්නේ.
මේ අවස්ථාවේදී 4%ක ප්‍රතිශතය ඇවිත් නෑ. ඒ නිසා අපිට බස් ගාස්තුව වැඩි කරන්න නෛතික හැකියාවක් නෑ. කෙසේ වෙතත් අපිට වෙලා තියෙන්නේ පාඩුවට මේ බස් කර්මාන්තය ඇදගෙන යන්න. සාමාන්‍යෙන් කෙටි සේවාගමන්වලදි රුපියල් 1000ක පාඩුවක් දෛනිකව සිදුවෙනවා දුර සේවාවලදි රුපියල් 2000ක පාඩුවක් දෛනිකව සිද්ධ වෙනවා."