සැමියා ඝාතනයට සැකපිට නීතීඥ බිරිඳ අත්අඩංගුවට..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 16, 2022 12:36 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර සිය සැමියා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අගලවත්ත, කැකුලන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි.

පවුල් ආරවුලක් මත අදාළ පුද්ගලයාට ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවට පොලීසිය සැකපළ කරයි. වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ අත්අඩංගුවට පත්ව ඇති අදාළ කාන්තාව නීතිඥවරියක් බවටය. අත්අඩංගුවට ගත් කාන්තාව 38 හැවිරිදි වියේ පසුවන අතර එම පිරිස අතර ඇයගේ 64 හැවිරිදි වියේ පසුවන බාප්පා සහ 36 හැවිරිදි වියේ පසුවන සහෝදරයාද සිටී.

මියගිය පුද්ගලයාගේ නැගණිය විසින් ඔවුන්ට විරුද්ධව මෙම ඝාතන චෝදනාව එල්ලකර තිබේ. කෙසේ වෙතත් සැකකාර නීතිඥවරිය ප්‍රකාශ කර ඇත්තේ සිය සැමියා විසින්ම ඔහුගේ සිරුරට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකරගත් බවය. ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇති පුද්ගලයා අනුරාධපුර ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඇති අතර කලක් විදෙස්ගතව සිට ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


        සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now