වැඩිපුර බිස්කට් කෑවොත් වෙන දේ මෙන්න.

Healthy Food Recipes
By Wayomi May 22, 2022 09:19 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

බිස්කට් කියන්නේ අපි කා අතරත් ජනප්‍රිය කෑමක්. ඕනෑම කෙනෙක්ගේ බිස්කට් එකක් ගෙදර ගිහින් තියාගන්නවාමයි. සමහරුන්ට නම් තේ එකක් බොන්න නම් බිස්කට් එකක් අනිවාර්යයි. ලොකු කුඩා භේදයකින් තොරව හැමෝම බිස්කට් වලට ඇබ්බැහි වෙලා. හැබැයි ඔබ දන්නවද අධික ලෙස බිස්කට් කෑම ඔබේ සෞඛ්‍යට එතරම් හිතකර නොවන බව. විශේෂයෙන්ම ඒවායේ අඩංගු ද්‍රව්‍ය එහෙමත් නැත්නම් ingredients නිසා වෙන්න පුළුවන්.

මොනවද බිස්කට් වල තියෙන්නේ ?

පිරිපහදු කරන ලද තිරිඟු පිටි

පිරිපහදු කිරීමෙන් තිරිඟු පිටි වල තන්තුමය කොටස් විනාශ වෙනවා. එහිදී .විටමින් වර්ග ද විනාශ වීම නිසා ආහාර ජීර්ණයට බලපෑම් ඇති කරන්න පුළුවන්. මළබද්ධය සහ සිරුරේ බර වැඩිවීම වගේ තත්වයන් ඇති විය හැකියි.


හයිඩ්‍රජනීකෘත මේදය

එළවළු තෙල් , හයිඩ්‍රජන් සමඟ රසායන ප්‍රතික්‍රියා වලට ලක් කර ඝන බවට පත් කර ගනියි. මේවා බිස්කට් වල කල් තියාගන්න උදව් කරනවා. මේවායින් සෑදෙන ට්‍රාන්ස් මේදය නිරෝගී පුද්ගලයන්ගේ මතකය අඩාල කිරීමට කිසියම් වූ බලපෑමක් සිදුකරන බව අධ්‍යයන වලින් සොයාගෙන තිබෙනවා. ඒ වගේම හෘද රෝග ඇතිවීමටද වැඩි ඉඩකඩක් පවතිනවා.


සීනි

බිස්කට් වල අඩු වැඩි ප්‍රමාණ වලින් සීනි අඩංගු වෙනවා. එමඟින් ස්ථුලතාවය, දියවැඩියාව වැනි රෝග රැසකට හේතු වෙනවා.