මෙට්‍රෝ බස් එකේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්

Bimal Rathnayake Srilanka Bus Latest Headlines Sinhala news
By R.rishma Oct 11, 2026 05:15 AM GMT
Report

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ බස් රථයක ගැටුණු පෞද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනමක් පනවා තිබෙනවා.

ඊයේ (08) සිදුවූ අනතුරෙන් පසු අතුරුගිරිය පොලිසිය විසින් මෝටර් රථ පරීක්ෂකවරයෙකු ලවා බස් රථය පරීක්ෂා කර ඇති අතර, එය නිසි පරිදි නඩත්තු කර නොමැති බවට නිර්දේශ කරමින් මෙම තහනම පනවා තිබෙනවා.

අතුරුගිරිය - පිටකොටුව මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථය බස් නැවතුම්පොළට ඇතුළුවීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා පසුපසට ගැනීමේදී මිලේනියම් සිටි - පිටකොටුව මාර්ගයේ ධාවනය වූ මෙට්‍රෝ බස් රථයේ ගැටී ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුරට අදාළ CCTV දර්ශන ද ලබාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අද (09) කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

බස් රථ දෙකේ රියදුරන් මත්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, ඔවුන් කිසිවෙකු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.