මුඛයෙන් හමන දුගද වලක්වා ගැනීමට කල හැකි දේ ..
අපි හැමෝම උදෙන්ම නැගිටලා මුණ කට හෝදලා ලැහැස්ති වෙන්නේ දවස පටන් ගන්නයි . ඔබ කෙතරම් දත් මැන්දත් ඔබේ මුවින් පිටවන දුර්ගන්දය නවත්වන්නම බැරිද තමන්ට තමන්ගේ මුවින් පිටවන ගද නොදැනුනත් අනිත් අයට එය දැනිය හැකියි . මෙම නිසා ඔබව අනෙකාට අප්‍රසන්න විම සිදුවිය හැකිය. මෙම දුගදක් පිට වීම බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්.
මෙම දුර්ගන්ධය විවිධ හේතු සාධක පදනම් කරගෙන ඇතිවිය හැකියි. එනම් මුඛය ඇතුලත වියලිම, දත් මැදිමේදි දිව මැදීමෙන් පිරිසුදු නොකිරිම, දිවේ සෛල මරණයට පත්විම, මත්පැන් හා විවිධ මත් දුව්‍ය පානය කිරිම , දුම්වැටි දුම් කොල භාවිතය, විවිධ ඖෂධ නිසා , විවිධ ආහාර රටාවන් නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකිය. මෙම කුමන හෝ ක්‍රමයක් නිසා ඔබේ මුවින් දුගදක් පිටවෙනවා නම් ඔබ අනුගමනය කල යුතු දේවල් කිහිපයක් පහතින් සදහන් කර ඇත.
1. දත් මැදීමේදි දිව මැද පිරිසිදුව තබා ගන්න.
උදෑසන දත් මැද මුහුණ සෝදනවාත් සමග තම බුරුසුව ආධාරයෙන් දිව හෝදින් මදින්න. තවද ආහාර ගැනීමෙන් පසු ඉතාමත් හොඳින් දත් වගේම දිව ද මැදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු දෙයක්.
2. නිතර මවුත් වොෂ් එකක් භාවිතා කරන්න .
ඔබ සිටින කාර්යාලයේ හෝ පිටත වෙනත් ස්ථානයක දී දත් මැදීම කළ නොහැකි නිසා මවුත් වොශ් එකක් තාවකාලික ම භාවිතා කරන ට පුලුවන්. නමුත් මෙහි අවාසිදායක තත්ත්වයක් තියෙනවා .එහි අඩංගු සීනි සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිසා දත් දිරා යෑමේ හැකියාව සහ විවිධ රෝග ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා.එම නිසා නිතරම ස්වභාවික අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන මිලදී ගැනීමට සැලකිලිමත් වෙන්න.
3. ඉඟුරු හා ලෙමන් තේ පානය.
ඔබ තේ පානය කරන විට දි ඉගුරු යොදා තේ පානය කිරිමටත් ලෙමන් යෙදා තේ පානය කිරිමටත් හැකි. ඉඟුරු ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් බඩේ අමාරුවකට ප්‍රතිකාර කරන්න පුලුවන්. ඒ වගේම මුඛයෙ දුර්ගන්ධය නැති කරන්නත් ඉඟුරු උදව් වෙනවා. ඔබ තේ බොන්න කැමති නැත්නම් මේ පානයෙන් කට සෝදන්න. ඉඟුරු මගින් දුර්ගන්ධය නැති කරන අතර ලෙමන් වල තියන සිට්රික් අම්ලය බැක්ටීරියා වර්ධනය වීමට බාධා කරනවා.
4. නැවුම් සුවඳක් එන දේවල් ආහාරයට ගන්න.
මුඛයට නැවුම් සුවඳක් ගෙන දෙන ස්වභාවික දේවල් රැසක් ම තිබෙනවා .මින්ට් වර්ග ,අසමෝදගම් ඇට ,එනසාල් ,සුදුරු,මහදුරු ,කුරුදු ,කරාබු නැටි මේ අතර තිබෙනවා .මේවා මද වේලාවක් හැපීමෙන් කිසියම් සුවඳක් එකතු කරනවා .
5. ග්‍රීන් ටී පානය.
ග්‍රීන් ටී පානයෙන් සෞඛ්‍යමය වාසි ගොඩාක් ලැබෙනවා. එනම් ග්‍රීන් ටී වලට මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සහ ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීමේ හැකියාවත් තියෙනවා. ග්‍රීන්ටී මගින් ශරීරයේ දුගඳ අඩු කරනවා. ඒ වගේම ග්‍රීන් ටී වල ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයක් වන කැටෙචින් අඩංගු වන අතර එය මුඛයේ ඇති බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා.
6. හොඳින් ජලය පානය කරන්න.
හැමවිටම මුඛය ඇතුළ තෙත්ව තබා ගැනීමෙන් කටේ ඉතිරි වුණු ආහාර කොටස් සහ මැරුණු සෛල ඉවත් වෙනවා. එමගින් මුඛයේ බැක්ටීරියා වර්ධනය වැළැක්වීමට උපකාරී වෙනවා. එමෙන්ම තවත් බොහෝ පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා පානීය ජලය අත්‍යවශ්‍ය නිසා නිතරම වතුර බොන්න අමතක කරන්න එපා. නිතරම වතුර පානය කිරීම මගින් මුඛය අභ්‍යන්තරය වියලීම වලක්වා ගන්නට පුළුවන්.
7. පැඟිරි සහිත පලතුරු වැඩිපුර ආහාරයට ගන්න.
පැඟිරි කුලයේ පලතුරු වල තියෙන සිට්රික් අම්ලය මගින් මුඛයෙ හා ආහාර ජීර්ණ පද්ධතියේ බැක්ටීරියා වර්ධනයට බාධා ඇති කරනවා. පැඟිරි මගින් මුඛයෙ දුර්ගන්ධය ඇති කරන බැක්ටීරියා විනාශ වෙන නිසා දුගඳක් ඇතිවෙන්නෙත් නෑ.
8. සීනි එකතු නොකල යෝගට් ආහාරයට ගන්න.
යෝගට් වල අඩංගු හොඳ බැක්ටීරියා ආහාර ජීර්ණයට උපකාරී වෙනවා. එමගින් ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා ගන්නා අතර මුඛයෙන් දුර්ගන්ධය ඇති වීමේ අවදානම අඩු කරනවා. මුඛයේ සල්ෆයිට් සංයෝග එකතු වීම මගිනුත් මුඛයෙන් දුර්ගන්ධය ඇති වෙනවා. ප්‍රෝබියොටික් වල අඩංගු හොඳ බැක්ටීරියා මගින් මුඛයේ ඇති සල්ෆයිට් සංයෝග මට්ටම අඩු කරනවා. ඒත් යෝගට් මිලදී ගැනීමේදී සීනි එකතු කළ යෝගට් තෝරගන්න එපා.
මෙම සියල්ල භාවිතයට ගැනීමේදි සෞඛ්‍යට අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු වේදැයි හොදින් පරික්ෂා කර බලා එසේ අඩංගු නොවන භාවිතයන් භාවිතා කිරිමට වග බලා ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |