යුද්ධයෙන් සුන්බුන් වූ ගාසා තීරයේ ආදරයේ මංගල්‍යයක් - යුවළ 250ක් එකම දිනක විවාහ වෙයි

Wedding Gaza Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Nov 09, 2026 12:04 PM GMT
Report

යුද්ධයෙන් විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූ ජනතාවගේ කූඩාරම් අතරින් නැඟී ආ බලාපොරොත්තුවේ සංකේතයක් ලෙස පලස්තීන මනාල මනාලියන් 250 දෙනෙකු වෙනුවෙන් සංවිධානය කළ දැවැන්ත සමූහ මංගල උත්සවයක් ගාසා තීරයේ වෙරළබඩ උත්සව ශාලාවකදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 'Operation Gallant Knight 3' මානුෂීය මෙහෙයුම යටතේ ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘතියක් මගින් මෙම උත්සවය සංවිධානය කර ඇත.

යුද්ධය, අවතැන්වීම් සහ ආර්ථික අර්බුද හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින තරුණ පරපුරට සහනයක් ලබාදීමත්, විනාශය මධ්‍යයේ නව ජීවිතයක් ආරම්භ කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.

යුද්ධයෙන් සුන්බුන් වූ ගාසා තීරයේ ආදරයේ මංගල්‍යයක් - යුවළ 250ක් එකම දිනක විවාහ වෙයි | Gaza 250 Palestinian Couples Mass Wedding

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා අයදුම්කරුවන් 11,622 දෙනෙකු අතරින් විශේෂ ලොතරැයි ක්‍රමවේදයක් ඔස්සේ යුවළ 250ක් තෝරාගෙන තිබීම ද විශේෂත්වයකි.

මංගල උත්සවය වර්ණවත් කරමින් යුවළ සාම්ප්‍රදායික පලස්තීන සංගීතයට අනුව නර්තනයේ යෙදුණු අතර, මංගල සැරසිලිවලින් අලංකාර කළ රථ පෙළක් ගාසා තීරයේ වෙරළබඩ මාර්ගය ඔස්සේ ගමන් කර තිබේ. උත්සව භූමිය පුරා පලස්තීන සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ධජ ද ප්‍රදර්ශනය කර තිබුණි.

දශක ගණනාවක ගැටුම් සහ මෑතකාලීන යුද විනාශයන් හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින පලස්තීන ජනතාව සිය සංස්කෘතිය, සම්ප්‍රදායන් සහ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්නොහැර ඉදිරියට ගෙන යාමට දරන උත්සාහයේ සංකේතාත්මක අවස්ථාවක් ලෙස මෙම මංගල උත්සවය සැලකේ.

මේ අතර, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, කලාපයේ ආරක්ෂක තත්ත්වය තවමත් අවිනිශ්චිත මට්ටමක පවතින බව වාර්තා වේ. ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ හමුදා මෙහෙයුම් පිළිබඳ වාර්තා ද අඛණ්ඩව පළ වෙමින් පවතී.

යුද්ධයෙන් සුන්බුන් වූ ගාසා තීරයේ ආදරයේ මංගල්‍යයක් - යුවළ 250ක් එකම දිනක විවාහ වෙයි | Gaza 250 Palestinian Couples Mass Wedding

2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,200ක් පමණ මියගිය අතර, තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණි. එම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරය තුළ දියත් කළ හමුදා මෙහෙයුම් හේතුවෙන් විශාල ජීවිත හානියක් සහ දැවැන්ත දේපළ විනාශයක් සිදුවිය.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, එම යුද ගැටුම් ආරම්භයේ සිට වාර්තා වූ මරණ සංඛ්‍යාව 74,640 ඉක්මවා තිබේ. මෙවැනි දැඩි මානුෂීය අර්බුදයක්, අවතැන්වීම් සහ යුදමය අභියෝග මධ්‍යයේ වුවද පලස්තීන යුවළ 250ක් එකම දිනයක යුගදිවියට පිවිසීම ජාත්‍යන්තර අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් බවට පත්ව තිබේ.