දියණියකට අමානුෂික ලෙස පහර දුන් පාපතර පියා..කලකට ඉහත දී වේවැල් පහරකින් නැගණියත් මිය ගිහින්..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 18, 2022 12:37 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

දියණියට අමානුෂික ලෙස පහර දුන් පියෙකු ගාල්ල වරාය පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාල්ල - කටුගොඩ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි දැරියක් පාසල් ගුරුවරියන් දෙදෙනෙකු සමග පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි.

වේයන්ගොඩ ප්‍රදේශයේදී මීට මාස කිහිපයකට පෙර අධ්‍යාත්මික බලයෙන් රෝග සුවකරන පුද්ගලයෙකුගේ වේවැලකින් පහරට ලක්ව මියගිය 09 හැවිරිදි දැරිය, මෙම සිසුවියගේ නැගණිය වනවා. මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත දැරියගේ මව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

ඒ හේතුවෙන් දැරිය පියා සහ මිත්තණිය සමග නිවසේ ජීවත් වන මෙම දැරියට පියා විසින් කලක සිට දිගින් දිගටම අමානුෂික ලෙස පහරදී ඇති බව සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW