මේ දවස්වල හැමෝම ආසාවෙන් කන වෙරළු අච්චාරු ගෙදරදිම හදමු..

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Sep 02, 2022 09:03 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අපි හැමෝම කැමති එක එක විදියේ අච්චාරු වර්ග කන්න ඒකන්න කැමති ජාතියේ අච්චාරු වලින් එකක් තමයි වෙරළු අච්චාරු කියන්නේ. අද අපි බලමු මේ අච්චාරු හදා ගන්නේ කොහෝමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය -

  • වෙරළු ගෙඩි 50ක් පමණ
  • මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට
  • ලුණු හා ගම්මිරිස් කුඩු
  • කෑලිමිරිස් ස්වල්පයක්


සාදන අයුරු-

  • වෙරළු ටිකට ලුණු දාලා මද පමණ ගින්දර දාලා තම්බගන්න(වෙරළු ගෙඩිය පුපුරනකල්). පසුව වතුර පෙරාගන්න. පසුව වෙරළු පොල්කටු හැන්දක් ගෙන මදක් පොඩි කර ගන්න. දැන් මේකට මිරිස්කුඩු හා අනික් සියල්ලම දාලා වෙරළු ටික දාලා කලවම් කරගන්න. කලවම් කරගෙන එක් දිනක් පමණ වසා තබා ආහාරයට ගන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now