අමෙරිකා - ඉරාන ගැටුමෙන් ලෝකෙම හොල්ලන තෙල් අර්බුදයක්

Economy of Sri Lanka Crude Oil Prices Today Latest Headlines Sinhala news Crude Oil
By R.rishma Sep 02, 2026 05:26 AM GMT
Report

අමෙරිකාව සහ ඉරානය අතර යළිත් උත්සන්න වී ඇති ගැටුම් හේතුවෙන් මැදපෙරදිග පවතින යුද තත්ත්වය තවදුරටත් දිග්ගැස්සීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තත්ත්වය උණුසුම් වීමත් සමඟ ගෝලීය තෙල් සැපයුම සම්බන්ධයෙන් පවතින අවදානමද ඉහළ ගොස් තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96කට ආසන්න වී ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 92ක් දක්වා ඉහළ ගොස් ඇත.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බරපතළ බාධා එල්ල වුවහොත්, ඉදිරියේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යා හැකි බවටද වෙළෙඳපොළ තුළ අවධානය යොමුව තිබේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ ප්‍රධාන තෙල් ප්‍රවාහන මාර්ගයක් වන බැවින්, එහි ඇතිවන ඕනෑම බාධාවක් ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.