ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් 56,000ක් කඩඉම් ලකුණ පනී

Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Sep 02, 2026 12:01 PM GMT
Report

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 56,000 දෙනෙකු අදාළ කඩඉම් ලකුණ ඉක්මවා ලකුණු ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය අගෝස්තු 9 වැනිදා පැවති මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 දෙනෙකු ලියාපදිංචි වී තිබූ අතර, ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගයට පෙනී සිට තිබේ.

ඒ අනුව නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව සිසුන් 56,000 දෙනෙකු අදාළ කඩඉම් ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගැනීමට සමත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.