හනිමූන් රාත්‍රිය පොලිසියේ ගතකළ අමුතුම මගුල..මනාලියගේ පාසල් මිතුරන් කරපු දේ..
විවාහ චාරිත්‍රවලින් පසු මංගල ගමනට යෑමට නියමිත යුවළකට ඒ සුන්දර මොහොත අමතක කර ගම්පොල පොලිසියේ රැය පහන් කිරීමට සිදු වූ පුවතක් වාර්තා වෙනවා.
මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට අයත් එක් අංශයක සේවය කරන්නේය.
මනාලයා දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශයේත් මනාලියේ ගම්පොල පළාතේත් පදිංචිකරුවන්ය.
මඟුල ජයටම කෙරීගෙන යන අතරතුර දෙපාර්ශ්වයේම වැඩි පිරිසක් පදම ඉක්මවා ගැනීමටද අමතක කර නැත.
මේ අතර මනාළියගේ පාසල් මිතුරන් සිව් දෙනෙකු ද එයට ආරාධනා ලැබ පැමිණ තිබුණි.
පදම වැඩිවෙද්දී පාසල් කාලයේ සිදුවීම් ද ඔවුන්ට කියවීමට වැඩි වේලාවක් ගත වී නොමැත.
මනමාලයාගේ වැඩිමහල් සොයුරාගේ කේන්තියට එය හේතු වී ඇත.
එහි ප්‍රතිඵලය වූයේ ඔහු එම තරුණයන් සිව් දෙනාට දොස් තැබීමය.
එයට කේන්ති ගියා සිව්දෙනාම මනමාලයාගේ සොයුරාට පහරදී ඇත්තේ මඟුල ද අමතක කරමින් අවසානයේ මෙම ස්ථානය තුළ මහා ගැටුමක් නිර්මාණය වී ඇති අතර උත්සව ශාලාවට ද බරපතළ හානි සිදුවී තිබේ.
මනමාලිගේ පාර්ශවයේ කිහිපදෙනෙක් රෝහල් ගත කළ අතර මනමාලයාගේ සොයුරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සොයුරා ඇතුළු ඥාතීන් හැර යාමට අකමැති වූ මනාලයා ගම්පොල පොලිසිය වෙත පැමිණියේය.
මනාලිය ද ඔහු පසු පස විය. පොලිසියට සාක්ෂි සටහන් කිරීම ඇතුළු නීති කටයුතු සිදු කිරීමට මහ රෑ දක්වාම සිදුවිය.
ඒ අනුව සැකකරුවන් පසුදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යෙදිණි.
ඒ අනුව හනිමූන් යෑමට සූදානම් කර තිබූ මෝටර් රථය ආපසු පිටත් කළ මනමාල යුවළ එළිවන තුරු එහි තිබූ වෑන් රථයක රැය ගත කළේ සොයුරා නිසාය.
ගම්පොළ සුරංග දිල්හාන්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |