මාලදිවයිනේ රැකියා කරන ලාංකිකයන්ට රතු එළියක්
Maldives
Tourist Visa
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
මාලදිවයිනේ රැකියා සඳහා පැමිණෙන විදේශීය ශ්‍රමිකයින් සම්බන්ධ වීසා නීති සංශෝධනය කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ව්‍යාපාරික හෝ විශේෂ වීසා මත මාලදිවයිනට ඇතුළුවී පසුව එය රැකියා වීසා බවට පරිවර්තනය කර සේවය කිරීමේ අවස්ථාව සැප්තැම්බර් 15 වැනිදා සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
වීසා ක්‍රියාවලිය පහසු කරගැනීම සඳහා ඇතැම් විදේශීය ශ්‍රමිකයින් ව්‍යාපාරික වීසා භාවිත කර රටට ඇතුළුවී පසුව රැකියා වීසා ලබාගන්නා බව එරට බලධාරීන් නිරීක්ෂණය කර තිබෙනවා.
නව නීති අනුව, මාලදිවයිනේ රැකියාවක නිරත වීමට අපේක්ෂා කරන විදේශිකයින්ට අදාළ රැකියා වීසා ලබාගැනීම අනිවාර්ය වන අතර, වෙනත් වීසා වර්ග භාවිත කර රැකියාවල නිරත වීම නීතිවිරෝධී වන බව එරට රජය දැනුම් දී තිබෙනවා.