දිස්ත්‍රික් 5ක් සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ

Sri Lanka TN Weather Weather
By Sithumi Aug 07, 2022 11:59 AM GMT
Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් දිස්ත්‍රික් 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, අද (07) පස්වරු 3 සිට හෙට පස්වරු 3 දක්වා කාලය සඳහා එම අනතුරු ඇඟවීම නිකුත් කරන බවය.

හම්බන්තොට, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. මේ අතර ගිලාබැසීමේ අවදානමක් හේතුවෙන් මස්කෙලිය නල්ලතන්නිය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

එම මාර්ගයේ මොහිනී ඇල්ල අසල කොටස ඊයේ (06) දිනයේ සිට ගිලාබැසීමේ අවදානමකට ලක්ව තිබීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව වාර්තා වේ. හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කිරිමැටිය ප්‍රදේශයෙන් ගිලාබැසීමේ අවදානමක් මතුවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයද එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now