පෙරවරු වියළි - පස්වරු වැසි : කාලගුණය ගවේශනය කරන්න අදම
Weather
Latest Headlines
Rain
Sinhala news
Puwath.lk
By R.rishma
අද (14) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට පැ.කි.මී. 40-50 පමණ තද සුළං හමනු ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබේ.