තද සුළං සහ රළු මුහුද: රතු නිවේදනය නිකුත් වෙයි

TN Weather Weather Latest Headlines Rain Sinhala news
By Shehan Jun 14, 2025 12:46 PM GMT
Report

සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑමත් සමග හෙට පස්වරු 2.30 දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, හලාවත සිට පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර දක්වා වැඩිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් එහි නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.

මේ අතර හෙට දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑලිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් සියයක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.