වැස්ස සැර වෙයි ද?. ඉදිරි පැය 36ක කාලය ගැන කාලගුණයෙන් දැනුම්දීමක් මෙන්න..
වර්ෂාව සම්බන්ධයෙන් ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එම නිවේදනයේ සඳහන් වන්නේ නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට තවදුරටත් වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.
මේ අතර, අයහපත් කාලගුණික තත්වය පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩිවන බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත.
ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,