අනිද්දායි පස්සේ මොකක්ද මේ වෙන්න යන්නේ?. කාලගුණය ගැන අලුත්ම නිවේදනය මෙන්න..

Department of Meteorology Weather Latest Headlines
By krishani Jun 25, 2024 11:41 AM GMT
Report

27 වෙනිදායින් පසුව දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වර්ෂාපතනයේ ප්‍රමාණාත්මක අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අනිද්දායි පස්සේ මොකක්ද මේ වෙන්න යන්නේ?. කාලගුණය ගැන අලුත්ම නිවේදනය මෙන්න.. | Weather In Sri Lanka 26Th June2024

මධ්‍යම කඳුකරයට ඇද හැලුනු වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමමින් පවති. 

එමෙන්ම, මේ වන විට කාසල්රී හා මවුස්සාකැලේ ජලාශ වාන් මට්ටමට ආසන්න වෙමින් පවති.

කෙසේ වෙතත්, අද පෙරවරු 8.30න් අවසන් වූ ගත වූ පැය 24 තුළ දී මිලිමීටර් 95.7 ක් වූ වැඩිම වර්ෂාපතය කෑගල්ල දිස්ත්‍රික්කයේ මොරලිය ඔය ප්‍රදේශයෙන් වාර්තා වීය.

මේ අතර, අද අලුයම සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ප්‍රදේශ දෙකක දී රිය අනතුරු තුනක් වාර්තා විය.

බැලුම්මහර ප්‍රදේශයේ දී මෝටර් රථ 2 ක් මාර්ගයේ විදුලි පහන් කණුවල ගැටී අනතුරක් සිදුවිය 

තව ද, මුදුන්ගොඩ ප්‍රදේශයේ දී වාහන 3ක් එකිනෙක ගැටී අනෙක් අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරුවලින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු බව පොලීසිය සඳහන් කළේ ය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%