හෙට එළියට බහිනවා නම් මෙන්න මේ දේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි..

Department of Meteorology Weather Latest Headlines
By krishani Jun 24, 2024 02:55 PM GMT
Report

හෙට (25) දිනයේ ප්‍රදේශ රැසක මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

හෙට එළියට බහිනවා නම් මෙන්න මේ දේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි.. | Weather In Sri Lanka 25Th June 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල එලෙස තරමක තද වැසි ඇතිවිය හැකිය.

තවද, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

මේ අතර, අද (24) දිනයේ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60ක් 65ක් දක්වා වැඩි විය.

එම මුහුදු ප්‍රදේශ විටින්විට ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දෙයියනේ කියලා, දෙවියන්ට ලැබුණ පඬුරු ටික බෙදා ගන්න බැරුව පූසාරිලා 03ක් ගුටි කෙළියක..

දෙයියනේ කියලා, දෙවියන්ට ලැබුණ පඬුරු ටික බෙදා ගන්න බැරුව පූසාරිලා 03ක් ගුටි කෙළියක..


කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0–2.5) ක් පමණ වැඩි විය හැකි බව ද දැනුම්දෙනු ලැබීය.

කෙසේ වෙතත්, මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ ය.