කාළගුණයේ වෙනසක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්..

Sri Lanka Weather
By krishani Dec 26, 2022 01:04 AM GMT
Report

පීඩන අවපාතය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇත.

ඒ හේතුවෙන් අද දින (26) උදෑසන වන විට එය ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරයි.

එම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමගම අද සවස් කාලයේ සිට දිවයිනේ කාලගුණයට එමගින් සිදුවූ බලපෑම අඩුවනු ඇතැයි අපේක්ෂා කරයි.

එම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.