ඔක්තෝබර් සිට ඩීසල් සහනයක්

Fuel Price In Sri Lanka Petrol diesel price Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Sep 29, 2026 09:18 AM GMT
Report

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා ඉදිරි මාස තුනක කාලයක් සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා මෙම සහනය ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

එම යෝජනාවට අනුව, ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 12.15ක් වෙන් කිරීමට නියමිතය.

ඒ අනුව, මාස තුනක කාලය සඳහා ඩීසල් සහනාධාරය වෙනුවෙන් වෙන් කෙරෙන සමස්ත මුදල රුපියල් බිලියන 40.65කි.

රජය සඳහන් කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමකින් තොරව පාරිභෝගිකයන්ට දැරිය හැකි මට්ටමක පවත්වා ගැනීම මෙම සහනය ලබාදීමේ ප්‍රධාන අරමුණ බවයි.  

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්