ඩොලරය නැවතත් ඉහළට - විකුණුම් අනුපාතිකය රුපියල් 336 සීමාව ඉක්මවයි

Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Sri Lanka Banks Sinhala news
By R.rishma Sep 16, 2026 07:55 AM GMT
Report

අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද (16) දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව, ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 336 සීමාව ඉක්මවා ගොස් ඇත.

සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 325.15 සිට රු. 325.75 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 334.40 සිට රු. 335.00 දක්වා ඉහළ ගොස් තිබේ.

NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 325.00 සිට රු. 327.50 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 334.00 සිට රු. 336.50 දක්වාත් ඉහළ ගොස් ඇත.

මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 325.93 සිට රු. 327.91 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 334.01 සිට රු. 336.04 දක්වා ඉහළ ගොස් තිබේ.

වාණිජ බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 323.35 සිට රු. 326.08 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 333.25 සිට රු. 336.00 දක්වාත් ඉහළ ගොස් ඇත. සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 326.00 සිට රු. 328.00 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 334.00 සිට රු. 336.00 දක්වා ඉහළ ගොස් තිබේ.