කාළගුණයෙන් මුහුද ගැන අනතුරු ඇඟවීමක්..

Sri Lanka Weather
By krishani Oct 02, 2022 04:47 AM GMT
Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (02) දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඇතැම් අවස්ථාවල දී පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බැවින් ඉදිරි පැය විසි හතර තුළ එම මුහුදු ප්‍රදේශ ධීවර හා නාවික කටයුතු සඳහා සුදුසු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join