බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය ජගත් තිලකසිරි පෙරේරා අත්අඩංගුවට
Western Province
Law and Order
Latest Headlines
Sinhala news
By R.rishma
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන ජගත් තිලකසිරි පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් පනතේ 30 වන වගන්තියට අනුව එම පනතේ II වන කොටස යටතේ සඳහන් වැරදි සම්බන්ධයෙන් සහ අල්ලස් පනතේ 23(අ)(1) වගන්තිය යටතේ සඳහන් වැරදි සම්බන්ධයෙන් බව සඳහන්.
එමෙන්ම අත්අඩංගුවට ගත් ජගත් තිලකසිරි පෙරේරා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.