අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Weather
By krishani Sep 05, 2022 05:08 AM GMT
Report

ගංඟා සහ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට ගතවූ පැය විසිහතරක කාලසීමාව තුළ තද වැසි පතිත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පිටාර මට්ටමට පැමිණීමක් හෝ ජල ගැලීමක් පිළිබඳව මේ වනතුරුත් වාර්තා වී නොමැති බවත් පවතින තත්වය පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙන්නේ වැසි තවදුරටත් වැඩිවුවහොත් යළිත් වරක් කඳු සහ බෑවුම් ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් සහ පස් කඳු කඩාවැටීම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join