ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Weather
Latest Headlines
Sinhala news
Puwath.lk
Lightning Alert
By R.rishma
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනය අද (03) රාත්‍රී 11.30 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ උතුරු මැද පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව විශේෂ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.