පරිස්සමෙන්.. හෙට රටේම වෙන දෙයක් ගැන ඇහෙන ආරංචිය.

By Sithumini Aug 18, 2024 11:09 AM GMT
Report

මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම තද වැසි ඇද හැළෙමින් පවතිනවා. මෙම තත්වය හමුවේ ප්‍රදේශ කිහිපයකටම නාය යෑම් මෙන්ම ගංවතුර අනතුරු ඇගවීම්ද නිකුත් කෙරුණා.

විශේෂයෙන්ම පවත්නා වැසි තත්වය හමුවේ ඊයේ කළුතර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණයක්ද වාර්තා වුණේ එවැනි පසුබිමකයි.

කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවේ නවතම වාර්තා අනුව පවත්නා වැසි තත්වය හෙටත් අපේක්ෂා කළ හැකි බව පැවසෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

විශේෂයෙන්ම මේ හේතුවෙන් ඇති විය හැකි අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් ඒ ඔස්සේ සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පෙන්වා දෙන්නේ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%