ඔබත් මේ අය අතරද..? විශේෂ අනතුරු ඇගවීමක්..!

Climate Change TN Weather Weather
By Sewvandhi Jul 18, 2024 11:22 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (19) පස්වරු 1 තෙක් වලංගු වන පරිදි මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැ.කි.මී 60ත් 65ත් දක්වා වැඩිවිය හැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, එම මුහුදු ප්‍රදේශ විටින්විට ඉතා රළු වන බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළ‌ඟේ වේගය විටින්විට පැ.කි.මී 50ත් 55ත් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු වන බවයි.

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මෙය ගොඩබිමට එන රළ හි උස නොවන බවද දැනුම් දී ඇත.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරට සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%