පැය දෙකහමාරක් ප්රකාශ ලබාදුන් ජී.එල්. පීරිස් අල්ලස් කොමිසමෙන් පිටව යයි
G. L. Peiris
Bribery Commission Sri Lanka
Law and Order
Latest Headlines
Sinhala news
By R.rishma
ප්රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්රකාශ ලබාදීමෙන් අනතුරුව එම කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ, පැය දෙකහමාරක පමණ කාලයක් කොමිසම හමුවේ ප්රකාශ ලබාදීමෙන් අනතුරුවයි.
ජී.එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ ෂැංග්රිලා හෝටලය ඉදිකිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා ඔහු අද (20) දිනයේදී අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණා.