කාලගුණයෙන් විශේෂ නිවේදන දෙකක්..! දැඩි අවධානයෙන් සිටින්න..!

Sri Lanka Climate Change TN Weather Weather
By Sewvandhi Nov 18, 2023 08:44 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය අනුව, දිවයින ආශ්‍රිතව සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝල තත්ත්වයක් පවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

අද (18) පස්වරු 1.00 සිට හෙට (18) රාත්‍රී 11.30 වන තෙක් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය වලංගු වන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ මුලතිව්, වව්නියා සම මන්නාරම දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.