පස්වරු 2න් පසු කාළගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Oct 26, 2023 01:50 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට සෙසු පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇති විය හැකිය. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.