ඉදිරි කාලය රටටම අවදානම්... විශේෂ නිවේදනයක් නිකුත් කරයි...

Sri Lanka Climate Change Weather
By Sithumi Oct 22, 2023 01:02 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය වලංගු වන්නේ හෙට (23) පස්වරු 02.30 දක්වායි. නිරිතදිග සහ ඊට යාබද - බටහිර බොක්ක ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වෙන ලෙස‍ එමඟින් දැනුම් දී තිබෙනවා.

මධ්‍ය - බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉදිරි පැය 24 තුළ දී තවදුරත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බංග්ලාදේශ වෙරළ වෙත (ශ්‍රී ලංකාවෙන් ඉවතට) ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බව දැනුම් දී තිබෙනවා.

එමෙන්මප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දීතිබෙනවා.

අදාල නිවේදන පහතින්...


GalleryGalleryGalleryGallery