ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..!
Sri Lanka
Climate Change
Weather
By Sewvandhi
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, තද වැසි සහ අකුණු පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ, එම නිවේදනය ඔක්තෝබර් මස 17 වනදා සිට ඔක්තෝබර් 20 වනදා දක්වා වලංගු වන බවයි.
එම කාලය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට වැඩි තිව්‍රතාවයකින් යුතු මි.මී 100ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම් හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවල බලාපොරොත්තු විය හැකි බවයි.