නිවස ඇතුලත ඇති දුර්ගන්ධය ඉවත් කල හැකි ක්‍රම 5ක් මෙන්න...

Sri Lanka
By Subodha Jul 08, 2022 07:09 AM GMT
Subodha

Subodha

in රචනා
Report

ඔබ දැන හෝ නොදැන නිවසේ පුරා විවිධ ගන්ධයන් පැතිර පවතිනවා. මේ සරල ක්‍රම තුලින් ඔබේ නිවස පුරා දිගින් දිගටම හමා යන ගන්ධයන් ගෙන් මිදෙන්නට ඔබට හැකි වේවි. මෙම ගන්ධයන් නිවසේ විවිධාකාර ස්ථානයන් තුල ඇති වෙනවා. මේවායින් මිදෙන්නේ කෙසේදැයි දැනුවත් නැති නිසා අපි ඉක්මනින් සැර රසායනික ද්‍රව්‍ය ඒ සදහා භාවිතා කරනවා. ඒවා ඔබේ සමට මෙන්න ගෙදර පොඩිත්තන් හිටියොත් එයාලාට හානිකර වෙන්න පුළුවන්.  ඒ නිසා සරල ක්‍රම භාවිතා කර මෙම වදයෙන් මිදෙන්න මෙන්න.

1. වැසිකිළිය හා නාන කාමරය නිතර පිරිසිදුව තබාගන්න.

නාන කාමරයේ , වැසිකිළියේ දුගඳ හැමීමට ප්‍රධාන හේතුවක් තමයි දිය සෙවල බැඳීම. මේවා ඔබේ සෞඛ්‍යයට හානිකර වෙන්න පුළුවන් බව ඇතැම් අධ්‍යයන සඳහන් කරනවා. ඔබේ නිවසේ තැන් නිතිපතා පිරිසිදුව තබාගැනීමෙන් මෙවැනි ගැටලු ඇතිවීම බොහෝ දුරට වළක්වාගන්නට ඔබට හැකියි. බ්ලීංච් කුඩු කෝප්ප 1 ක් වතුර ලීටර් 4 ක් සමඟ මිශ්‍ර කරන්න.දියසෙවල බැඳී ඇති තැන් වල රළු බුරුසුවක් ආධාරයෙන් මෙම මිශ්‍රණය යොදන්න.මෙය වෙනත් පිරිසිදුකාරක දියර සමඟ මිශ්‍ර නොකරන්න.

2. දිවා කාලයේ සූර්යාලෝකය ලැබීමට ඉඩ සලස්වන්න.

අදුරු ස්ථාන වල බැක්ටීරියා වෛරස් සෑදිමට ඇති ඉඩ කඩ වැඩිය. සූරියා ලෝකය වැටීහ නිසා පරිසරයේ ඇති විෂබීජ බැක්ටීරියා විනාශ කරයි. එම නිසා තම ගෙදර දොර දිවා කාලයේදි ජනෙල් දොර විවෘත්ත කර තබා ආලෝකය ලැබීම‌ට සැලැසිවීමේදි තම නිවස තුල ඇති දුර්ගන්ධය නැති කර දැමීමට හැකිය.

3. ඔබේ නිවසේ අපද්රව්ය බැහැර කරන ස්තාන හොදින් පිරිසිදු කරන්න

කුස්සියෙ සින්ක් එක, නාන කාමරයෙ වතුර බැහැර වෙන තැන වගේ ස්ථාන හොදින් පිරිසිදු කරන්න. කිසිම වෙලාවක කුස්සියේ සින්ක් එකේ ඉදුල් පල් වෙන්න තියන්න එපා. දිනපතා රාත්රියෙ කුස්සිය පිරිසිදු කිරීමෙන් පසුව හොදින් රත් වුනු උනු වතුර එකක් සින්ක් එකට හලන්න. එකෙන් සේරෙම විශබීජ විනාශ වෙනවා. විෂබීජ නැති වෙද්දී දුර්ගන්ධයක් හමන්නේ නැහැ.

4. ඔබෙ කුනු දමන භාජනය දිනපතා පිරිසිදු කරන්න.

ඔබේ ගේ ඇතුලේ තියන ගාර්බේජ් බින් එක හැමදාම රෑට හෝදලා වේලෙන්න තියන්න. ඒ වගෙම ඒකට කුනු දාන්න කලින් බෑග් එකක් දාන්න, හැමදාම රෑට ඒ බෑග් එක අයින් කරලා බින් එක සෝදලා වේලෙන්න තියන්න, පහුවදාට අලුත් බෑග් එකක් දාන්න නැත්නම් පරණ බෑග් එක රාත්රියේ හෝදලා වනල ඊළඟ දවසේඑයම පාවිච්චි කරන්න.

5. විශබීජ නාශක දියර ස්ප්‍රේ කරන්න.

දුර්ගන්ධයන් ඉවත්කරගැනීමේදී ප්‍රයෝජනයට ගැනෙන තවත් දෙයක් තමයි ලෙමන් යුෂ කියන්නේ. මේ සඳහා ලෙමන් වගේම දෙහි ද භාවිතයට ගත හැකියි. ගඳ ඇතිකරවන බැක්ටීරියා හා දිලීර විනාශ කරයි. උණු කරගත් වතුරට ලෙමන් පොතු දමා තැම්බෙන්නට හරින්න. ඉන් ලෙමන් සුවඳ වහනය වීමට පටන්ගත් පසු , පුස් ගඳ හමන කාමරයේ බිමින් එම බඳුන තබන්න.සිසිල් වූ පසුව, එම වතුර ස්ප්‍රේ බෝතලයක් ආධාරයෙන් අවට ඉසීම වුවත් කළ හැකියි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now