ඔබත් කුකුල් කෙන්තිකාරයෙක්ද?

By Wayomi May 16, 2022 03:49 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

තරහා, කෝපය කියන්නේ සාමාන්‍ය හැඟීමක්. හැබැයි සමහර වෙලාවට කෝපය නිසාම ඔබට ලොකු ලොකු අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිදු වන අවස්ථාද ඕන තරම තියෙනවා. ඔබට ගොඩක් දේවල් අහිමි වෙන්නත් පුළුවන්. මේ කේන්තිය පාලනය කරගන්න බැරි වුණොත් ඔබ ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙක් බවට ද පත්වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දවස් වල. ඒ නිසාම මේ කියන්න යන්නේ ඔබට ඇති වන කෝපකාරී හැඟීම යටපත් කරගෙන ජීවිතය සැහැල්ලුවෙන් විඳින්නේ කොහොමද කියලා.


- විහිළුවෙන් තරහව පිට කරගන්න

ඔබට තරහ දැනිච්ච වෙලාවට ඒක මොකක් හරි මෝඩ ජෝක් එකකින් කියන්න පුළුවන්. නැත්නම් හින්ට් එකක් විදිහට කියන්නත් පුළුවන්.

- ගැඹුරු හුස්මවල් තුනක් ගන්න

තරහා ගන්නකොට හෘද ස්පන්දනය වැඩි වෙනවා, දාඩිය දාන්න ගන්නවා, ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් හෝමෝන අධික වශයෙන් ස්‍රාවය වෙන්න ගන්නවා. මේ දේවල් අතින් අල්ලලා පාලනය කරන්න බැහැ. ඒත් මේ විදියට හුස්ම ගන්න එකෙන් ශරීරයට පණිවිඩයක් දෙනවා. කිසි ගින්නක් නැහැ හැම දෙයක් ම කූල් කියලා. එතකොට අර කලින් කියපු දේවල් නැතිවෙලා තරහව පාලනය වෙනවා.

- තරහව තනි කරන්න

තරහා ගියාම වෙලාවට එතැනින් අයින් වෙලා කොහේ හරි ඇවිදින්න යන්න. වැඩිය නෙවෙයි විනාඩි 5ක 6ක ගමනක් වුණත් ෂේප්. ඒ කියන්නේ අපිට තරහා ගන්න හේතු වුණ පුද්ගලයා නැත්තම් ඒ අදාළ සිද්ධිය තියන පරිසරයෙන් ඈත් වුණාම දේවල් ටිකෙන් ටික නෝමල් වෙනවා. පුළුවන් නම් පයින් ඇවිදන් යන්න.

- කාමරයට ගිහින් දොර වහගන්න

නිශ්ශබ්ද කාමරයකට පොඩ්ඩක් නිදාගන්න උත්සහ කරන්න.

- ආදරණීයයෙක් ගැන හිතන්න

ඔබ ආදරය කරන පුද්ගලයෙක් ගැන හිතන්න. අම්මා, තාත්තා, හොඳම යාළුවා, ප්‍රේමවන්තිය නැත්නම් ප්‍රේමවන්තයා කියන අය නැත්නම් ඔයාගේ ජීවිතේ ඉන්න වෙනත් විශේෂ, කෙනෙක් ගැන හිතන්න.

- කතා කිරීම නවත්වන්න

ඔබට කේන්ති ගිය අවස්ථා වලදී ගොඩක් වෙලාවට ඔබට කරන්න පුළුවන් හොඳම දේ තමයි කාත් එක්කවත් කතා නොකර පාඩුවේ ඉන්න එක.