ආරවුලක් නිසා නිවසකට ගිනි තබා කාන්තාවක් ඝාතනය කරයි - (VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 12, 2022 01:45 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් නිවසකට සිදුකළ ගිනි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. ගින්නට හසුවීමෙන් එම නිවසේ සිටි 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු සහ ගිනි තැබීම සිදුකළ පුද්ගලයා පිළිස්සුම් තුවාල සහිතව රාගම රෝහලට ඇතුලත් කර ඇත.

ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ බිරිඳ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් අදාළ ගිනි තැබීම සිදුව ඇති වත්තල ප්‍රදේශයේ නිවස වෙත පැමිණ තිබේ. පසුව සිය බිරිඳ සොයා සැකකාර ගිනි තැබීම සිදුකළ පුද්ගලයාද එම නිවසට පැමිණ ඇති බව විමර්ශනවළදී අනාවරණය වී ඇත. එහිදී ඇතිවූ ආරවුලක් මත සැකකරු විසින් පැට්‍රල් දමා නිවසට ගිනි තබා ඇත.

එම අවස්ථාවේ නිවසේ සිටි 57 හැවිරිදි කාන්තාව, නිවසේ සිටි 18 හැවිරිදි තරුණයා, සහ ගිනි තැබූ පුද්ගලයා පිළිස්සුම් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ 57 හැවිරිදි කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත. ගිනි තැබීම සිදුකළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. එම ගින්නෙන් ගිනි තැබීම සිදුකළ පුද්ගලයාගේ බිරිඳ බේරීමට සමත්ව ඇති බවද වාර්තා වෙයි. මෙම ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW