දියණිය දූෂණය කළ පිය සෙනෙහස නොදත් පාපතර පියාට ලැබුණු දඩුවම..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jun 15, 2023 05:00 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් ඊයේ (14) 11 හැවිරිදි දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුවෙකු වරදකරු කරමින් වසර 15ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබේ.

ඉංගිරිය ශාන්ත පීතර ජනපදයේ පදිංචි 50 හැවිරිදි වසන්ත පෙරේරා නම් පුද්ගලයෙකුට මෙම සිරදඬුවම් නියම කර තිබෙනවා.

එමෙන්ම චූදිතයාට සිරදඬුවමට අමතරව රුපියල් 5,000 ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එකී දඩ මුදල නොගෙවන්නේ නම් චූදිතයාට තවත් මාසයක බරපතළ වැඩසහිත සිරදඬුවමක්ද නියම කළේය.

අදාළ විත්තිකරු විසින් 2007 ජුනි මස 01 වනදා හෝ ඊට ආසන්න දිනක එවකට 11 හැවිරිදි වියේ පසුවූ දැරියක්ව සිටි සිය බිරිඳගේ පළමු කසාදයේ දියණියට මෙම අපරාධය සිදුකර තිබේ.

එසේම, පිය සෙනෙහස ලැබිය යුතු දැරියක් දූෂණය කර ඇති බැවින් සමාජයට පණිවුඩයක් ගෙනදෙන ආකාරයේ උපරිම දඬුවමක් නියම කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ අකලංක බාලපටබැඳි මහතා මහාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

සැකකරුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ උදාර පෙරේරා මහතා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.