දරුණු අකුණු අනතුරු පිළිබඳ අනතුරු ඇඟවීමක්
                                    
                    Weather
                
                                                
                    Latest Headlines
                
                                                
                    Rain
                
                                                
                    Thunder
                
                                                
                    Sinhala news
                
                        
        
            
                
                By Shehan
            
            
                
                
            
        
    උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    